Saturday, 22 June 2019

පර්ණාමය සහ ගැහැනු පිරි​මි ♂ ♀




ආදර සම්බන්ධතා වලදි සහ විවාහ ජීවිත වල ගැටුම් ඇතිවන්න ප්‍රධානත​ම හේතුන් අතර එකිනෙකාගේ සිත් හදුනා නොගැනීම මම ඇතැම්වි​ට දැකපු දෙයක්. ගොඩක් වෙලාවට කාන්තාවන්ගෙන් පිරිමින්ට කරන ප්‍රධානතම චෝදනා අතරේ පහත දෙබස් කීපය ඔබට, ඔබේ කනට හුරු ඇති.

"ඉස්සර ඔයා ඔහොම නෑ, දැන් ඔයා මාව ගනන් ගන්නේ නෑ, ඉස්සර ඔයා කොච්චර දේවල් මාත් එක්ක කතා කරනව​ද".

ඒ වගේම පිරිමින්ගෙන් කාන්තාවන් වෙ​ත නිතර නැගෙන චෝදනාවක් තමා

"මල වදේ , කනක් ඇහිල ඉන්න නෑ, කියවනවා කියවනවා ඉවරයක් නෑ"

බොහෝ වෙලාවට කුලුදුල් ආදරයක සිටින අයනම් මේ වගේ දේවල් කියන්න යන්නේ නෑ, එහෙම උනොත් ඉතින් ලවු එක ඉවරයි.

ඉහත දෙබස් වල ස්වරූපය පුද්ගල ස්භාව​ය මත  වෙන්න පුලුවන්.

ඉතින් මම දැන් කතාවට බහිනව. ආදරය කරන බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ ගැහැනු සහ පිරිමි වෙනස් වන එකම කාරනය ලිංගිකත්වය විතරයි කියල. ඒ අය හිතාගෙන ඉන්නේ අපි හැමෝගෙම සිත් එක වගේ කියල, අන්න එතනයි අපිට වැරදුනේ. 

ජීවීන් ලිංගිකව බෙදෙන කොට ඒ දෙගොල්ලන්නේ ශාරීරික සහ මානසික ස්වභාවය සෑහෙන්න වෙනස් වෙනව. ඒකනේ කොල්ලො කෙල්ලොන්ටයි, කෙල්ලො කොල්ලොන්ටයි ආකර්ශනය වෙන්නේ. 

සිත් සර්ව සම වුනානම් මල කෙලියයි. කෙල්ලො කෙල්ලොන්ට ♀+♀ ලවු කරයි, කොල්ලො කොල්ලොන්​ට ♂+♂ ලවු කරයි. සමහර වෙලාවට කලාතුරකින් මේවගේ තත්වයන් අපිට සමාජයේ අහන්න දකින්න පුලුවන්. ඒව ඉතින් අසාමාන්‍ය දේවල්. මම මෙතනදි නිරෝගී ජාන සම්භවයක් ඇති අය ගැන විතරයි කතා කරන්නේ. 

මම කැමතියි ඔයාලව මීට වසර 50,000 විතර ඈත අතීතයකට ඔයාලව අරගෙන යන්න. හෝමෝසේපියන් සම්භවය වසර 400, 000 - 250, 000 ත් අතර දිව ගියාට වත්මන් මිනිසාගේ ආදි මුතුන්මිත්තන් අප්‍රිකාවේ සිට තාක්ශනයක් සහිතව අනෙකුත් ප්‍රදේශවලට වයාප්ත වුනේ මීට වසර 50,000 ඉස්සර. ඉතින් ඔය කාලේ සමාජය මේ අපි ඉන්න සමාජය තරම් සංකීර්ණ නෑ. හැමෝටම තිබ්බේ එකායන බලාපොරොත්තුවක්, ඒ නොනැසී සිටින්නේ කොහොමද කියන එක. 

මුලින්ම කලේ මේ අය වෙන වෙනම කන්ඩායම් සෑදෙන එක. මේ කන්ඩායම් වල කාන්තාවන්, පිරිමින් සහ දරුවන් සිටිනව. ශක්තිවන්ත පිරිමින්ට කාන්තාවන් සමග එකතුවෙන්න පුලුවන් වෙනව. එක අතකින් ඒක හොද දෙයක්, මොකද ඒ නිසා උපදින පරම්පරාවත් පියා වගේ ශක්තිවන්ත අය වෙන්නට තියෙන ඉඩ කඩ වැඩියි. 

රැහේ ඉන්න පිරිමි ටික කරන්​නේ වනයට ගිහින් දඩයම් කරන එක. ඉතින් පිරිමි මානවයන් බොහෝ විට තනිව සතුන් එන තැන් රැකගෙන සිටීමට දවසෙන් වැඩි කාලයක් ගන්නව. ඔවුන් දවසෙන් වැඩි කාලයක් කලේ නිහඩව සිටීමයි. 
ඉතින් සොභාවදහමෙන් ඔවුන්ට අඩු වචන ප්‍රමාණයක් කතනය කිරීමේ හැකියාවක් ලබා දුන්න. සාමාන්‍යෙන් පිරිමියෙක්ට දිනකට කතා කල හැක්කේ වචන 7000ක් වගේ ප්‍රමාණයක්. ඉන් එහාට කතා කරන්න ගිහොත් ඔවුන් සෑහෙන්න වෙහෙසකට සහ මානසික ආතතියකට පත් වෙනව.
ඒ වගේම මම කිව්ව පිරිමින්ට එක ඉලක්කයක් වෙනුවෙන් සෑහෙන්න වෙලා ඉන්න පුලුවන් කියල. ඒනිසයි පිරිමි ඔය ආදරය කරන කෙල්ලෙක්ට ට්‍රයි කරන කාලේ ගස් අස්සේ ඉදන් මල් පදුරු අස්සෙ හැංගි හැංගි, එහෙමත් නැත්තං කෙල්ලොන්ගෙ ගෙවල් ඉස්සරහට වෙලා බස් හෝල්ඩ් ගානේ කට්ට කන්නේ. කෙල්ලොන්ට මේක බැලූ බැල්මට "අනේ පව් ඒ අයියා මං වෙනුවෙන් කන කට්ට" වගේ වුනාට, ඔය කාලෙදි කොල්ලොන්ට ඕක ඒ හැටි ගානක් නෑ.

දැන් ඔය කතා කලේ පිරිමි සෙට් එක ගැනනේ, එතකොට ගැහැනු මොකද ඒ කාලේ ඒ කියන්නේ වසර 50,000 ක ඉදන් කලේ. ඒ ගොල්ලො කලේ පිරිමි ටික කැලේට ගියාට පස්සේ ලමයි ටිකයි අහල පහල ඉන්න ගැනූ ඔක්කොමත් එක්ක එකතු වෙලා කච කච ගගා කතා කරපු එක. අද කියලත් ඉතින් වෙනසක් නෑ,නාන ලිද ලග ගැහැනු එකතු වුනාම ලිදේ ඉන්න ගෙම්බොත් එලියට පනිනව. ගැහැනු කොච්චර කතා කරනවද කිව්වනම් පිරිමි දිනකට වචන 7000ක් කතා කරන කොට ගැහැනුන්ට සොභාවදහම විසින් වචන 20,000 ආසන්න වශයෙන් දිනකට කතා කරන්න පුලුවන්. ඉතින් දැන් තේරෙනවනේ කෙල්ලො ඇයි මෙච්චර කියවන්නේ කියල.

හැබැයි ඔය කොච්චර කියෙව්වත් තමන්ගේ දරුවන් ගැන සෑහෙන්න සෙවිල්ලෙන් පසුවෙන්​න කාන්තාවන් අමතක කරන්නේ නෑ. අර ගැහැනුන්ගේ තියෙනව​නේ බෝල ඇස්. ඒ​ව CCTV වගේ එහෙට මෙහෙට කරකෝ කරකෝ බලනව ලමයි කොහෙද ඉන්නේ මොකෝ කරන්නේ කියල. හැබැයි පිරිමින්ට නම් ඕක බෑ..
පිරිමි ඉතින් එක ඉලක්කයක් දිහා දිගුවෙලාවක් බලාගෙන ඉන්නනේ හැඩ ගැහුනේ. ඒකයි ඔය කපල්ස් එහෙම පාරේ යනකොට එහා පැත්තෙන් ලස්සන කෙල්ලෙක් ගියොත් කොල්ලො ඇස් වෙනුවට ඔලුවයි කදයි බඩයි ඔක්කො​ම ඒ පැත්තට කරකෝල කෙල්ලගෙන් ගුටි කන්​නේ. 
හැබැයි කෙල්ලො මාර ස්මාර්ට්. කොල්ලට තේරෙන්නේවත් නෑ, කෙල්ලොත් ඔහොම හිටියට ලස්සනට ඇස් කරකෝල වෙන කොල්ලො දිහා බලනව. අවංකවම කියන්නේ ඒ බලන බැලිල්ල අර අසරනය​ට මලාට හොයා ගන්න බෑ.
මම කිව්වනේ පිරිමි ටික ගියාම ගැහැනු වෙනම සමාජයක් හදාගන්නව දොඩමලුවෙන්න කියල. ඒ නිසා ගැහැනු පිරිමින්ට වඩා සෑහෙන්න සමාජශීලියි. පිරිමි වගේ නෙමේ. ඒකනේ ඔය ඉස්කෝල වල පන්ති රැස්වීම් මෙහෙයවන්න වැඩි හරියක් යන්නේ කෙල්ලොනේ ඉස්සරහට. 

ඉතින් දැන් තේරෙනව නේද මාණව පරිණාමය සිදුවෙච්ච ආකාරය ආදරයට කොච්චර බලපෑම් කරනවද කියල. 

කොල්ලනේ.. කෙල්ල ඕනාවට වඩා කියවනව කියල අද ඉදන් ඒ අය ගැන තරහ ගන්න එපා, ඒ ගැහැනුන්ගේ හැටි.

කෙල්ලනේ.. කොල්ලො ඉස්සර වගේ කියවන්නේ නෑ කියල දුක් වෙන්නත් එපා. ඉස්සර ඔයාගේ හිත දිනාගන්න නානාප්‍රකාර දේවල් කලේ එක අරමුනක් ඇතුව, දැන් ඔයා ආදරේ කරනව කියන්නේ ඒ ඉලක්කය ජයගෙන ඉවරයි. සොභාවදහමට අනුව උන් දැන් නිහඩවෙන එක ගැන දුක් වෙන්න එපා. 

මාණව ප්‍රරිණාමය නිසා මාණවයාට උරුම වෙච්ච හැකියාවල් සියුම්ව අද්‍යනය කලොත් ඔයාලගේ ආදරේ විටින් විට ඇති වෙන ගැටුම් සෑහෙන්න සමනය කරගන්න පුලුවන් වෙයි. 

එහෙනම් මේ ලිපිය මෙසේ අවසාන කරනව. ඔයාලගේ අදහස් යෝජනා චෝදනා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. 

ඔබ සැමට ජය!! 

Thursday, 20 June 2019

ගෙදරදිම රසම රස Ice Cream හදන්න ඉගෙන ගමුද?

ශ්‍රී ලංකාවේ ජනතාව අතර වඩාත් ජනප්‍රිය කිරි නිෂ්පාදන වලින් එකක් ලෙස ice cream සැලකීමට පුළුවනි. උත්සව අවස්ථා වලදී පමණක් නොව සාමාන්‍ය අතුරුපසක් ලෙසත්, ice cream නාගරික මෙන්ම ග්‍රාමීය ජනතාව අතරත් ප්‍රචලිත වෙමින් පවතියි.

         උෂ්ණ දේශගුණයක් පවතින අවස්ථා වලදී තමන්ගේ පිපාසය සංසිඳවා ගැනීම සඳහා ලොකු කුඩා කවුරුත් ice cream කෙරෙහි දක්වන්නේ ලොකු ඇල්මකි. ලංකික ජනතාව අතර වැඩි කැමැත්තක් පවතින මෙම නිෂ්පාදනය සඳහා හොඳ වෙළඳ පොලක් රටේ පවතයි. එළකිරි හා මී කිරි වලින් ice cream සකස් කර අලෙවි කිරීම මගින් ගොවි මහතුන්ටත්, ගෘහනියන්ටත්, වැඩ හොඳ අමතර අදායම් මාර්ගයක් සලසා ගැනීමට පහසු කටයුත්තකි. මේ සම්බන්ධව උනන්දුවක් දක්වන කෙනෙකුට ස්වයං රැකියාවක් ලෙසින් ice cream නිෂ්පාදනයට පිවිසීම ඉතා පහසුවෙන් කල හැකිය. වැඩි වාසි ලද හැකි ව්‍යාපාරයකි.

     අවශ්‍ය ද්‍රව්‍ය
    ( කිරි ලීටර් 1 කින් ice cream සැකසීම සඳහා)
  • මී කිරි හෝ එළකිරි ලීටර් 1 යි.
  • යොදය සහිත කිරි පිටි මේස හැඳි 4 යි.
  • ජෙලටටීන් තේ හැඳි 2 යි.
  • සීනී ග්‍රෑම් 200 යි.
  • කොන් ෆ්ලවර් හෝ කස්ටඩ් පවුඩර් මේස හැඳි 2 යි.
  • වර්ණක හා රස කාරක ස්වල්පයක්.
     පිළියෙළ කරන අයුරු 

      පළමුවෙනම පහත සඳහන් පරිදි කිරි පිටි , කොන්ෆ්ලවර් හා ජේලටීන් මිශ්‍රණ පිළියෙළ කරගන්න.

  1. යොදය සහිත කිරි පිටි මේස හැඳි 04 ට උණු ජලය අඬු කෝප්ප 01 ක් දමා කැටි නොගැසෙන සේ හොඳින් දියකර ගන්න.
  2. කොන්ෆ්ල්වර් හෝ කස්ටඩ් පව්ඩර් මේස හැඳි 02 ඇල් ජලය අඬු කෝප්ප 1/4 ක දිය කර ගන්න. 
  3. උණු ජලය අඬු කෝප්ප 1/4 ක ජෙලටින් දියකර ගන්න.
  • මී කිරි හෝ එළකිරි ලීටර් 1 ක පිරිසිදු කරගත් භාජනයකට වත්කර ලිප තබා හැඳිගාමින් මඳ ගින්නේ රත් කරන්න. ( මෙහිදී කිරිවල අඩංගු ජලය යම් ප්‍රමාණයක් ඉවත් වි කිරි උකු බවට පත් වේ.)
  • සාමාන්‍ය තරමට ( සෙ.ග්‍රේ. 40 ) උණුසුම්ව පවතින කිරි වලට සීනී ග්‍රෑම් 200 දමා හොඳින් හැඳි ගාමින් රථ කරන්න.
  • කලින් දියකර ගත් යොදය සහිත කිරිපිටි මිශ්‍රණය උණු වෙමින් පවතින කිරි වලට එකතු කරන්න.
  • කලින් දියකර ගත් කොන්ෆ්ලවර් හෝ කස්ටඩ් පවුඩර් මේස හැඳි 02 උණු වෙමින් පවතින කිරි වලට එක් කරමින් නොනවත්වා හැඳි ගාන්න.
  • දැන් කිරි මිශ්‍රණය තරමක් උකුගතිය දැනෙන තෙක් රත් කිරීමෙන් පසු ලිපෙන් ඉවත් කර කලින් දියකර ගත් ජෙලටින් ද එයට මිශ්‍ර කර නිවෙන්නට තබන්න.
  • සාමාන්‍ය උෂ්ණත්වයට (සෙ.ග්‍රේ. 38 ) නිවුණු පසු රසකාරක හා වර්ණක ඊට එක් කරන්න.
  • ඉන්පසු කිරි මිශ්‍රණය කාමර උෂ්ණත්වයට සිසිල් වූ පසුව පැතලි නොගැඹුරු බඳුනකට දමා විනාඩි 5ක් පෙන නගින තුරු හොඳින් ගසා ( බීටරයක් මගින් ) අධි ශීතකරණයේ තබන්න.ඉන්පසු පැය දෙකකින් ice cream මිශ්‍රණය අධිශීතකරණයෙන් ඉවතට ගෙන විනාඩි 5ක් නවතත් හොඳින් ගසන්න. මෙලෙස පැය 02 කින් දෙකට හතර වාරයක් පමණ ice cream හොඳින් ගසා අධිශීතකරණයේ තබන්න.
  • මෙලෙස සකස් කර ගත් ice cream වල රසය හා ගුණය වැඩි කිරීම සඳහා කජු, මුද්දරස්පලම් වැනි දෑ එකතු කල හැකිය.
  • මනා අන්දමින් පිළියෙළ කළ ice cream අධිශීතකරණයේ පැය 6-8 අතර කාලයක් තැන්පත් කල විට ආවේණික සුවඳකින් යුක්ත වනු ඇත.

රස නහර පිනා යන "පීසා" එකක් ගෙදරදීම හදමුද?






පීසා එක හදන්න අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කෝප්ප   1 ¾
ඔලිව් තෙල් මේස හැඳි   2
ලුනු තේ හැඳි    ½
යීස්ට් තේ හැඳි   1 ¾
සීනී තේ හැඳි   1
යන්තමින් රස්නේ ඇති උණු වතුර කෝප්ප ¼
කැමති එළවලු වර්ග වලින් 150 g
කැමති වර්ණයකින් බෝල්පෙපර් ගෙඩි 1 හෝ මාලූ මිරිස් කරල් 3ක් පමණ.
ලොකුවට කපාගත් බී ළුණු ගෙඩි 1ක් පමණ
කුඩාවට කපාගත් සුදු ළුණු බික් 3
ලුනු ස්වල්පයක්
ගම්මිරිස් ස්වල්පයක්
සිහින්ව ගා ගත් මොසරැල්ල චීස් 200 g පමණ ( සුපිරි වෙළඳ සැල් වලින් මිලදී ගන්න පුළුවන්.)


      ඔන්න ඉතින් යාලුවනේ මේවා තමයි අපිට පීසා එක හද ගන්න ඕනේ කරන දේවල්. දැන් අපි බලමු මේ පීසා එක හදා ගන්නේ කොහොමද කියලා... පියවරින් පියවර...
මුලින්ම මද රස්නය තියෙන වතුරේ සීනී දියකර ගන්න ඕනේ. ඊට පස්සේ එකටම යීස්ට් දාලා කලවම් කරලා පියනකින් වහලා මිනිත්තු 10 ක් විතර තියලා තියන්න ඕනේ.. ඊට පස්සේ යීස්ට් ටික දියවෙලා පෙන නැගලා තියෙනවා ඔයාලට පෙනෙයි.

      දැන් පාන් පිටි පෙනේරයකින් හලලා එකට ලුණු, ඔලිව් තෙල් දාලා කලවම් කරගන්න ඕනේ. දැන් මේ මිශ්‍රණයට කලින් හදාගත්ත අර යීස්ට් මිශ්‍රණයයි වතුර ටිකයි එකතු කරගෙන අතේ ඇලෙන්නේ නැති වෙන්න පදමට මුදු පිටි මෝලියක් විදිහට අනාගන්න ඕනේ. මේ මෝලිය ගොඩක් තද එකක් නොවෙන්න ඕනේ.. දැන් මේ පිටි මෝලිය මිනිත්තු 10 ක් විතර අත් ගසා ගන්න ඕනේ. ඊට පස්සේ මේ පිටි මෝලිය යන්තම් තෙල් ගා ගත්ත භාජනයකට දාලා පිරිසිදු තෙත රෙදි කෑල්ලකින් වහලා පැය එකහමාරක් විතර පිපෙන්න තියන්න ඕනේ.
      දැන් එළවලු ටික තමන්ට කැමති හැඩයකට කපාගන්න. බෙල්පෙපර් ගෙඩියත් තමන් කැමති හැඩයකට කපාගන්න. මාංශමය ආහාරද කුඩා කැබලි වලට කපාගන්න.දැන් තෙල් ස්වල්පයක් භාජනේකට දාලා ලිප තියාගන්න ඕනේ. මෙයට සුදු ළුණු , ලුණු, බෙල්පෙපර් ටික දාලා තෙල්පරාදු කරගන්න ඕනේ. ඒකටම මාංශමය ආහාරද එකතු කරලා හොඳින් පිස ගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට ලුණු , ගම්මිරිස් දාලා රසවත් කරගන්න ඕනේ. මිස්ක්ඩ් හ්ර්බ්ස් හොයාගන්න පුළුවන්නම් ඒවායින් තේ හැඳි ¼ පමණ එකතු කර ගන්න. මේවා ප්‍රණීත සුවඳ ගෙන දෙන කුළුබඩු වර්ගයක් වෙනවා.

     දැන් පෝරණුවක අංශක 170ට රත් කර ගන්න ඕනේ. පිටි මෝලිය අරගෙන අඟල් ¾ ක් විතර ඝනකමට රවුම් විදිහට අඟල් 14ක් විතර විෂ්කම්භයකට බටර් හෝ තෙල් ගා ගත් තැටියක තුනී කරගන්න ඕනේ.දැන් පිටි මෝලිය පැය 1 ½ කට පස්සේ තිබුනට වඩා දෙගුණයකින් විතර විශාල වෙලා කියල ඔයාලටම පෙනෙනවා නේද?  දැන් ඒ පිළියෙළ කර ගත්ත පීසා රොටිය උඩින් තක්කාලි සෝස් අවශ්‍ය පදමට දාලා තුනී කරගන්න. තක්කාලි පෙති තියනවනම් ඒව අතුරා ගන්න. එකට උඩින් තෙම්පරාදු කරගත්ත එළවලු මිශ්‍රණය ද එකතු කර ගන්න ඕනේ. දැන් මේක රත් කරගත්ත පෝරණුවේ දාලා මිනිත්තු 20ක් විතර පුළුස්ස ගන්න ඕනේ.. පස්සේ මේක තරමකට පිලිස්සුනට පස්සේ එලියට අරගෙන සිහින්ව ගා ගත්ත මොසරැල්ල චීස් අතුරලා ආයෙත් පෝරණුවට දාලා තව මිනිත්තු 10ක් විතර පුළුස්සා ගන්න ඕනේ. හොඳින් පිළිස්සුන පීසා රොටිය වටේට ලා දුඹුරු පැහැයක් අපිට බලාගන්න පුළුවන්. චීස් දියවෙලා උණු වූනාට පස්සේ පෝරනුවෙන් එළියට අරගෙන කෑලි වලට වෙන් කර ගන්න ඕනේ.

     පීසා එක තමන්ට කැමති විදිහට හදා ගන්න පුළුවන්. පාන්පිටි ගන්නකොට සැලකිලිමත් වෙන්න, මොකද, ලූස් පිටි දැම්මම පිපෙන්නේ නෑ. ඒ නිසා හොඳ ඇසුරුම් කල පිටිම භාවිතයට ගන්න ඕනේ.


ඔන්න දැන් අපේ පීසා එක හදා ගෙන ඉවරයි.. දැන් තියෙන්නේ හොඳම හරිය තමයි.. රස බලන්න... හි හි හි.... කොහොමද රසය?... රස නහර පිනා යනවා නේද?... ඔන්න ඉතින් යාලුවනේ ඔහොමයි රස පීසා එකක් හදා ගන්නේ.. දැන්ම ඔයාලා හැමෝම Test කරලා බලන්න...

Monday, 17 June 2019

බ්ලොගියේ ආරම්භය

හලෝ... හායි.... මාගේ බ්ලොගියට ඔබව සාදරයෙන් පිලිගන්නවා... බ්ලොගියේ පළමුවැනි ආරම්භය මෙතනින් ආරම්භ කරන්ටයි මම සුදානම් වන්නේ... ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට??? මම හිතනවා ඔයාලා හැමෝම හොදින් ඇති කියලා. 

මේ බ්ලොගිය ආරම්භ කලේ මගේ හිතට හැගෙන දැනෙන දේ ඔයාලත් එක්ක බෙදා ගන්නයි. ඔයාලටත් පුළුවන් ඒ දේවල් අපි හැමෝමත් එක්කම බෙදාහදා ගන්න. අදහස්, නිර්මාණ, ක්‍රියාකාරකම්, තාක්ෂණය, ගෘහ ශිල්පය, සත්වලෝකය, විශ්මයේ තොරතුරු  වැනි ඕනෑම දෙයක් බෙදා ගැනීමට මහත් කැමැත්තෙන් සිටින බව මම සඳහන් කරනවා.

ඉතිං යාලුවනේ හරවත් රසවත් නිර්මාණයක් සමග ඔබ ඉක්මනින් නැවත හමුවන තුරු අප හා නොපමාව රැදී සිටින්න..

ස්තුතියි...